ඖෂධ මිලදී ගැනිමේදී පූජ්‍ය පක්ෂයට වට්ටමක්
ඖෂධ මිලදී ගැනීමේදී පූජ්‍ය පක්ෂය සඳහා 05%ක වට්ටමක් ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති අචාර්ය එම්.එච්.එම්. රූමි මහතා වෙත උපදෙස් ලබාදී තිබේ.
අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 42 වැනි ඔසුසල මාතලේ නගරයේද (25දා) විවෘත කිරීමෙන් අනතුරුවය.
මේ වනවිට ගර්භිණී කාන්තාවන්ට, වයස අවුරුදු 05ට අඩු දරුවන්ට, වයස අවුරුදු 55 ඉක්ම වූ ඡ්‍යෙෂ්ඨ පුරවැසියන්ට, රණවිරු වරප්‍රසාද කාඩ්පත් හිමියන්ට ඖෂධ මිලදී ගැනීමේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් 05%ක වට්ටම් මුදලක් ලබාදෙයි.

popular news
-
rocky Tuesday, 26 March 2019 06:59 PM
පුජ්‍ය පක්ෂය යන්න නිර්වචනය කරන්නේ කොහොමද? දේවාලවල කපුවන්, මුලධර්මවාදී පාස්ටරයන්, බෝධිපුජා මුදලාලිවරුන්, සිවුර දවටාගත් හොර තක්කඩින් එහෙමත් ඇතුලත් වෙනවද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

